දළදා වතුර කතා පුවත Dhalada wathura
ඓතිහාසික කතා පුවතක සත්‍යතාවය වෙනුවෙන් ඉතිරි වූ එකම එක සේයා රූ සටහන >>>>> 1921.05.12 දළදා වැස්ස හෙවත් දළදා වතුර (අන්‍යාගමික බෞද්ධ සංහාරය) එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහි සිටි කතෝලික අාණ්ඩුකාරයා වූයේ චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය. එදා වෙසක් පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව චාමස් උඩුමහලේ සිට දැක්කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන කතෝලික ආණ්ඩුකාරයාට ඉවසිය නොහැකිවිය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් සහ වෛරයක් ඇතිවිය. වහාම කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස කතෝලික ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නියෝග කෙරිණි. ටික වේලාවකින් කතෝලික ආණ්ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය - කුළුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්ඩාර උයනේ එක්තැනක රඳවා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිණිහිරිය මත තැබීමට අාණ්ඩුකාරයා නියම ක...